Tuesday, January 7, 2020

ඔව්! ඒක ඇත්ත .මට දියවැඩියාව හැදිල කියල මෙට්ෆෝමින් උදේ හවස ගන්න නියම කලා..දවස් 3යි ගත්තේ බඩපිපුම, ඇඟේ සම වේදනාව,අක්මාවේ අමාරු ආවා.. බඩේ ගල් කියාත් බලන්න උනා..ඒ ඔක්කෝම අතුරු ආබාධ ..පසුව සීනි මනින උපකරණයක් අරන් උදේ දවල් රෑට කෑමට පෙර උළුහාල් වතුර බී කෑමෙන් පැය දෙකකට පසු සීනි අඩුවූ ප්‍රමාණය මැන දැනගත්තා ..මාසයක් ගිය පසු Fbs, A1c රෝහලට ගොස් මැන බැලුවා..දෙකම සාමාන්‍ය ගණනට තියෙනවා ..මම තේ බීම නැවත්තුවා ..බත් , පාන් ඉතා අඩුවෙන්ද, එළවළු කොල වර්ග හැකි පමනින්ද කනවා..කව්පි මුංඇට, උළුදු වලට සීනි වැඩි උනේ නෑ. දැන් මසකට පසු දවසක් ඇර දවසක් සීනි උදේ නැගිට්ට ගමන් බලනවා..ඒ සමගම රෑ උනුවතුරෙ පෙඟෙන්න දාපු උළුහාල් තේ හැඳි එකහමාරක වතුර කෝප්පය මද රස්නය කර බොනව ...ඒ ඇටවලට තවත් වතුර දම දමා දවසෙම තිබහටත් බොනව.. ඒ ඇටත් කනව..ලේ වල හිමොග්ලොබීන් අඩුපාඩු නොවෙන්න ආහාර ගතයුතුයි ..මම ඒ නිසා යකඩ පෙති සති දෙකක් පමණ බිව්වා ..නමුත් අපේ රටේ නිවිති බහුලව කන්න පුළුවන් .අතරමග දිනයකදී රසවත් ආහාර ටොපියක් ,චොක්ලට් කෑල්ලක් දෙකක් , අයිස්ක්‍රීම් ටිකක් සුළු වශයෙන් කනව..මේ තුන් වෙනි මාසය..අනෙක කලින් වගේ බඩගිනි නෑ..තව මාස හතරකින් නැවත රෝහලට ගොස් FBS සහ A1C බලනවා ..මගේ අත්දැකීම මෙලෙස දිගුව හෝ ලියා දන්වන්නේ ඉතා භයානක කරුම ලෙඩක් ලෙස දක්වන දියවැඩියාව හැමෝටම සුවපත් කරගන්න උළුහාල් වැනි බොහෝ දේ අපි උපන් උතුම් රටේ තියෙනව..මුලින් පොඩි වියදමක් කර මේ වීඩියෝවේ විදිහට හෝ තමන්ට ප්‍රායෝගික විදිහට උළුහාල් වතුර සකසා බී සියල්ලෝ සුවපත් වීමට දන්නා හැමෝටම කියනවා..වීඩියෝව දැමූ ඔබටත් ස්තූතියි ..ස්වභාවික ඔසුවෙන්ම දකින අහන සියල්ලෝම සුවපත් වේවා ! යම් පිනක් සිදුවේනම් එය මා හැදූ වැඩූ දෙමව්පියන්ට අනුමෝදන් වේවා !!

No comments:

Post a Comment